හැමොම කියන්නේ මම කතාවට දක්ෂයි කියලා

මේ රංසි කවුද කියලා දන්නවා නේද? අසිනි චායා, ආවර්ජනා, මුතු නාට්‍ය සමග රංගනයෙන් හමු වූ ඇය මේ දිනවල වැඩි හරියක්ම කරන්නෙ නිවේදන කටයුතුයි. සිරසෙ සිරසාලින්දය සමග හමුවන ඇය සිරස මගේ සිංදු පැය වැඩසටහනත් මෙහෙයවනවා. ස්වර්ණවාහිනියෙ විකාශයට නියමිත අලූත් නාට්‍ය දෙකකින් ඉදිරියේදී හමුවීමට නියමිත රංසි තවත් දේ සඳහා දක්ෂයි. ඒ මොනවටද කියලත් ඇය අපට කියාවි.


රංසි හරිම බිසී කියලා තමයි නේද කියන්න වෙන්නෙ ?

රූපවාහිනී වැඩසටහන්වලට අමතරව මගේ රංසි ඩාන්ස් ඇකඩමිය නිසා කාර්ය බහුලයි. මේ රංගන නිවේදන කටයුතු සියල්ලට පෙර මම පටන් ගත්තෙ නර්තන අංශයෙන්. නර්තන ශිල්පිණියක ලෙස තමයි කලාවට ආවේ. ඒ විදියට ඇවිත් 2011 දී තමයි රංසි ඩාන්ස් ඇකඩමිය ආරම්භ කළේ. සිරසෙ නිවේදිකාවක ලෙස කටයුතු කරන්න ලැබුණෙ ඉන් පසුවයි.

ඇයි මේ ගොඩ බදාගන්නෙ ? එක දෙයක් කළොත් නරකද ?

ඔය ප‍්‍රශ්නයට උත්තර දෙන්නට පෙර තවත් දෙයක් ගැන කියන්න වෙනවා.

ඒ මොකක් ගැනද?
ලයිසියම් එකේ ටීචින් උපාධිය සඳහා හදාරනවා. දැන් මම එහි ෆයිනල් විභාගයට සූදානම් වන්නේ. ඒකට තියෙන්නෙ හරියටම තව මාසයයි. ඒ නිසා මේ ඔක්කොටම වඩා මගේ හිත තියෙන්නෙ ඒ පාඩම්වලටයි.

ඇත්තටම ඇයි ඔබ එක් අංශයක් හැර බොහෝ දේ කරන්න හදන්නෙ? ගොඩ බදාගන්න හදන්නෙ?

තමුන්ගේ දක්ෂතා හඳුනාගත්තාම එය වැඩි දියුණු කරගන්න ඕනෑ. මම උසස් පෙළට පෙනී සිටියෙත් කලා අංශයෙන්. ඒ අංශය වැඩි දියුණු කරගන්න ආසයි. නර්තන ගුරුවරියක ලෙස බොහොම ආසාවෙන් කටයුතු කරන්නෙ.

දැන් මේ නර්තන හෙවත් නැටුම් පංති පැවැත්වීමත් රැල්ලක් වෙලා නේද ?

නර්තනය විතරක් නෙවෙයි, කලින් කලට සමාජයේ බොහෝ දේ රැළි වෙලා. ඕකට හේතුවකුත් තියෙනවා.

මොකක්ද ඒ හේතුව ?

සෑම ක්ෂේත‍්‍රයකම දක්ෂ නැති අදක්ෂයින් සිටිනවා. රැල්ලක් හදාගෙන ඒ රැල්ලට හසුවෙලා එන්නෙ දක්ෂයින් නොවෙයි. දක්ෂතාවය නැති නිසා ඒ රැල්ලට එන අය රැලි එක්කම ගසාගෙන යනවා. දක්ෂයින් විතරක් ඉතිරි වෙනවා.

ඉස්සර නර්තන අංශයෙ ඉගැන්වූවේ ප‍්‍රවීනයින් කියන කොටස විතරයි. නමුත් අද ප‍්‍රවීනයින්ගෙන් ඉගෙන ගෙන ටික කලකින් පංති දානවා. ඒක හොඳ දෙයක්ද?

ප‍්‍රවීනයින්ගෙන් ඉගෙන ගෙන ගුරුහරුකම් ලබා ස්ථාවර වූ පසු එහෙම කළාට කමක් නැහැ. එවිට එකම තැන රැඬෙන්න ඕනැත් නැහැ. තමන් ලද දැනුම තව පිරිසකට ලබාදීම කළ යුතු දෙයක්.

කොහොම වුණත්, ලංකාවේ නවක අය රගපානවා. ඒ අතරේ නිවේදනයත් කරනවා. හිතුණොත් සිංදුත් කියනවා. ඇයි මේ විදියට එකම පිරිසක් ඔක්කොම දේ කරන්නෙ?

නර්තනය මම පළමුව කළ විෂයයි. ඒ හරහා තමයි නිවේදනයට ආවේ. ඒ වෙනුවෙන් මගේ උනන්දුව උත්සාහය තිබුණා. ඊට වාසනාවත් බලපෑවා. දිනෙක හැරල්ඞ් විජේසිංහ මහතාගේ බිරිඳ මලිති මිස් මගේ දක්ෂතා දැකලා තමයි ”අසිනි චායා” ටෙලි නාට්‍යයට තෝරා ගත්තේ.

රංසි මොනවටද වඩා දක්ෂ ?

මට නම් හිතෙන්නෙ නර්තනයට කියලයි. නමුත් මේ කරන සෑම දෙයකටම දක්ෂයි කියලා කියන්න පුළුවන්. හැබැයි හැමෝම කියන්නෙ මම වඩා දක්ෂ )කතාවට” කියලයි. කථනය නිසා රන් පදක්කම් පවා ලබා තිඛෙනවා.

ඔබ නටන්නෙ මොන වගේ නැටුමක්ද ? මොකක්ද ඔබගේ නර්තන පදය ?

මගේ නර්තනයේ දී උඩරට නැටුම් ප‍්‍රධානයි. ඊට අමතරව ඉන්දියානු සහ ලතින් නැටුම් හදාරනවා.

අද මේ විදියට බොහෝ දෙනා බොහෝ දේ කරනවා. හැබැයි අනෙක් අයට ගරු සරු කරන්න දන්නෙ නැහැ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?

ගරුත්වය තියෙන්නෙ අමාරුවෙන් ගමනක් ආ කෙනාටයි. මට එක පාරටම ඔක්කොම ලැබුණෙ නැහැ. උනන්දුව, දක්ෂතාවය, කැපවීම නිසා ගමනක් යමින් සිටින කෙනෙක්. නමුත් සමහර අයට එක මොහොතකින් අවස්ථාවක් ලැඛෙනවා. එවිට එය අවස්ථාවක් කරගෙන ගරු සරු නොකරන අය බිහි වෙනවා. එයාලා නිර්මාණය ගැන හිතනවාට වඩා හිතන්නෙ තමුන්ගෙ මාන්නය ගැන වෙන්නැති. ඇත්තටම කිව්වොත් කලාව කියන්නෙ නිකම්ම අත පත ගාන දෙයක් නෙවෙයි. ඒ ගැන වැටහීම නැති අය සමාජයට ගරු සරු නොකළාට, කලාවේ අගය දන්නා අය අතර ගරුත්වය තියෙනවා.




Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲