මම අතීතයෙන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තා - අමන්දා

මම අතීතයෙන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තා - අමන්දා

අලුත් පෙම්වතා ගැන කියන අමන්දාගේ අලුත්ම තොරතුරු නිරූපණ ක්ෂේත්‍රයෙත් රංගන ක්ෂේත්‍රයෙත් ජනප්‍රිය චරිතයක් වන අමන්දා සිල්වා කාලයක් පුවත් මවන්නියක් වුණත් මේ දිනවල නිහඬ චරිතයක් වෙලා. ඇය හිටිහැටියේම නිහඬ වුණේ ඇයි කියලා දැනගන්න මෙවර කතාබහට ඇයව එකතු කර ගත්තා.


කාලයක් පුවත් මවන්නියක් වුණ ඔබ හිටිහැටියේම නිහඬ වුණේ ඇයි?

මගේ වැඩවලින් ‍පොඩි විවේකයක් ගන්න හිතුවා. ඒ නිසා ටික කාලයක් ගෙදරට වෙලා හිටියා. දැන් ආපහු නිරූපණයට සම්බන්ධ වෙලා සුපුරුදු ලෙස වැඩ කරගෙන යනවා.

කාලයක් නිහඬ වුණ නිසා නිරූපණයට ලැඛෙන අවස්ථා සීමා වෙලාද?

මම ටික කාලයක් විවේක ගත්තට ලැඛෙන අවස්ථාවලින් නම් අඩුවක් වුණේ නෑ. හැමදාම වගේ ආරාධනා ලැබුණා. ඒ විවේකය ගත්ත කා‍ලේ නම් ආපු වැඩවලට බෑ කීවා.

රංගනයෙන් ඈත් වෙලාද?

ටෙලි නාට්‍ය දෙකකටයි මම රංගනයෙන් දායක වුණේ. ඒ නාට්‍ය දෙකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ආරාධනා ලැබුණාත් හිතට දැනෙන චරිතක් ලැබුණේ නෑ. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

හොඳ අවස්ථාවක් ලැබුණොත් භාර ගන්නවා. හැබැයි පස්සෙන් ගිහින් කතා කරලා ඉල්ලගන්න කැමැත්තක් නෑ.

අමන්දා වෘත්තිමය වශයෙන් නිරූපිකාවක්ද?

ඇත්තටම මම රැකියාවක් කරන්න අකැමැතියි. මම කැමති හැමදේම සතුටින් කරන්න. නිරූපිකාවක් ලෙස මට හොඳ වටිනාකමක් ලැඛෙනවා. මම නිරූපණයට යොමු වුණෙත් වෘත්තියක් විදියට නෙමේ. මම කරන දේ විඳින්න පුළුවන් නිසයි.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී පසුතැවෙනවද?

නෑ. මම කවදාවත් පසුතැවෙන කෙනෙක් නෙමේ. අතීතයෙන් මගේ ජීවිතේට යම් යම් පාඩම් ඉගෙන ගත්තා. එහෙම පාඩම් ඉගෙන ගත්ත නිසා ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා. හැමදේම වුණේ හොඳට කියලයි මම හිතන්නේ.

ඇත්තද ආදරය කරද්දී සිය පාරක් හිතනවා කියන්නේ?

කොහොමත් අපි ආදරය කරන්න කෙනෙක් හොයද්දී දෙපාරක් වත් හොඳට හිතන්න ඕන. මමත් මගේ හරි ජීවිතේට කෙනෙක් හොයාගන්න කාලයක් ගත්තා.

ඒ කියන්නේ අමන්දා පෙම්වතියක්?

ඔව් මම පෙම්වතියක් කීවොත් හරි.

ඒ ප්‍රේමයට තාත්තගෙන් ආශිර්වාදය ලැබුණද?

ඔව්. ප්‍රථම වතාවට ඒ ප්‍රේමයට නම් තාත්තගෙන් ආශිර්වාදය ලැබුණා.

ෆේස් බුක් එකේ පෙම්වතාගේ මුහුණ නොපෙන්වන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඔව්. ඔහුගේ මුහුණ පෙන්නුවොත් ප්‍රශ්න වැඩියි. මම හිතුවා මට නැති ප්‍රශ්න අනිත් අයට ඇතිවෙන නිසා කාටවත් ප්‍රශ්නයක් නොවන්න මුහුණ නොපෙන්වන්න.

මුහුණ පෙන්වන්නේ නෑ කියලා හිතුවේ අමන්දා ද නැත්නම් ඔහු එපා කීවද?

එයා කවදාවත් මට සීමාවල් දාන කෙනෙක් නොවේ. පසුගිය දවස්වල වුණ ප්‍රශ්න නිසා මම පාඩමක් ඉගෙන ගත්තා. ඒ නිසා පුද්ගලික දේවල් සීමා කරන්න ඕන කියලා හිතුවා. විවාහ වෙන දවසට ඔහු කවුද කියලා දැනගන්න පුළුවන් වේවි.

අමන්දා ළගඳීම විවාහ වෙනවද?

ඒකට මේ වෙලාව කියලා කියන්න බෑ. වෙන්න ඕන දේ හරි වෙලාවට වෙයි. ඒ නිසා කා‍ලේ ආවහම හැමදේම කියන්නම්.

කොහොමද ඔබට ඔහුව මුණ ගැහෙන්නේ?

ඔහුව මුණ ගැහුණ විදිය හරිම පැටලිලි සහගතයි. ඒ කතාව මම හිතන්නෙ කියන්න ඕන නෑ කියලා.

ඔහු ඔබට සීමා පනවලා කීවොත්?

එයා මගේ විලාසිතාවලටත් නිරූපණයේ යෙදෙන එකටත් සීමා දාලා නෑ. හැම වැඩකටම ලොකු සහයෝගයක් ලැඛෙන්නේ මට. මම මොන විලාසිතාවක් කරන්න ගියත් මගේ පෙම්වතාගෙන් අහනවා. එයා නිතරම කියන්නේ ඔයා මට විශ්වාසයි, අඳුම්වලින් මනුස්සයෙක්ව මනින්න බෑ කියලා.

විවාහයෙන් පස්සෙ අමන්දා නිරූපණයෙන් සමුගන්නවද?

මුල් දවස්වල නම් හිතුවෙ මම නිරූපණයෙන් ඈත් වෙන්නේ නෑ කියලා. සමහරවිට මට හිතුනොත් පවුල මගේ ළමයි නිසා මම නිරූපණයෙන් සමුගනීවි.
Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Amanda, Nilukshi amanda, Nilukshi nude, Amanda silva, Amanda hot, Amanda sexy, Amanda nude, Amanda gossip, Nilukshi amanda new photoshoot, Amanda interview, Amanda photo, Amanda siva photos, Interviews,Nilukshi hot images, Model nilukshi,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲