මැතිවරණ නීතී කැඩූ පොහොට්ටුවේ හිටපු සභාපති අත්අඩංගුවට..

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස මෙවර ඉදිරිපත්ව සිටින එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන සෙනරත් බණ්ඩාර හාල්යාල නැමැති අය සහ ඔහුගේ ආධාර කරුවන් තිදෙනකු මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් කළුන්තැන්න ප්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටිය දී උඩුදුම්බර පොලීසිය පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.



අත්අඩංගුවට ගත් පෝස්ටර් තොගයත් සමඟ සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් සිව් දෙනා රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදා හැරීමට දිසා විනිසුරු එන්.එම් ෆරීක්ඩීන් මහතා පියවර ගත්තේය.

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට තරයේ අවවාද කළ දිසා විනිසුරුවරයා මෙවැනි වරදක් යළි සිදු කළහොත් මැතිවරණය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවද දැනුම් දුන්නේය. පෝස්ටර් ඇලවීම සඳහා යොදා ගත් කැබ් රථය රුපියල් ලක්ෂ 60 ක බැඳුම්කරයක් මත මුදා හැරීමටද ෆරීක්ඩීන් මහතා පියවර ගත්තේය. ජනවාරි මස 18 දින යළි සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරුවරයා පොලීසියට නියෝග කළේය.
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲