සමහරු හිතනවා ඇග එළියේ දැම්මහම ඔක්‌කොම හරි කියලා

 සමහරු හිතනවා ඇග එළියේ දැම්මහම ඔක්‌කොම හරි කියලා
නමට විතරක්‌ මාව අරගෙන වැඩක්‌ නෑ -මහේෂි මධුසංකා

මහේෂි මධුසංකා නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. පසුගිය කාලයේ ඇය රගපෑ මුතුවරුසා, චායා, මුතුපලස වැනි නිර්මාණ ප්‍රේක්‌ෂක ජනතාව වැළඳගත් නිර්මාණ වීමෙන් ඇය මේ වන විට ජනතාවගේ සිත් ගත් රංගන ශිල්පිණියක්‌ වී හමාරයි. -සිංහයා ඇගේ නවතම සිනමා නිර්මාණයයි. ක්‌ෂේත්‍ර දෙකක ජනප්‍රිය ඇය වෙනුවෙන් අපි ඉඩක්‌ වෙන් කළා.


කොහොමද -සිංහයා චිත්‍රපටයට ලැඛෙන ප්‍රතිචාර?
සිංහයා චිත්‍රපටය මගේ දෙවෙනි චිත්‍රපටය. ඒක ළමා චිත්‍රපටයක්‌. තිරගත වෙච්ච මේ ටික දවසට හුගාක්‌ හොඳ ප්‍රතිචාර තියෙනවා. පුංචි ළමයි තුළ චිත්‍රපටය ගැන ලොකු අවධානයක්‌ තියෙනවා. ඒ වගේම රංජන් අයියටත් පුංචි ළමයි හුගාක්‌ කැමතියි. ඒ නිසා මං හිතනවා සිංහයා චිත්‍රපටය හුගාක්‌ ජනප්‍රිය චිත්‍රපටයක්‌ වෙයි කියලා.

මේ දවස්‌වල වැඩකටයුතු මොනවද?

-සේයා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊළගට තවත් ටෙලිනාට්‍යයක වැඩ ඉවර කරා. එක ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. එච්චර තමයි.

මේ දවස්‌වල නිර්මාණවලට ආරාධනා නැද්ද? එහෙමත් නැත්නම් ඔබට ලැඛෙන හැම නිර්මාණයක්‌ම භාර ගන්නේ නැද්ද?

ආරාධනා නම් කොතෙකුත් ලැඛෙනවා. පහුගිය කාලෙ නාලිකා හතරක මගේ ටෙලි නාට්‍ය විකාශය වුණා. කොච්චර වුණත් සමහර වෙලාවට ප්‍රතිඵලයක්‌ නෑ කියලත් හිතෙනවා.මම රගපාපු මුතු වරුසා, චායා, මුතුපලස වගේ ටෙලිනාට්‍ය හුගාක්‌ ජනප්‍රිය වුණා. ඉතිං ඒක නිසා ලැඛෙන ඔක්‌කොම භාර නොගෙන, ප්‍රේක්‌ෂකයන්ගේ හදවතේ රැඬෙන නිර්මාණ ලැබුණොත් පමණක්‌ භාර ගන්නවා.

හැමදාම දකින එක නාලිකාවකට අවාසියක්‌ නෙමෙයිද?

නෑ ඒක අවාසියක්‌ නෙමෙයි. නමුත් නාලිකා සියල්ලේම පේන්න හිටියත් ජනප්‍රිය නිළිය සම්මානය ලැඛෙන්නේ නෑ. ලංකාවෙ හරි විදිහට අගය කිරීමක්‌ වෙන්නේ නැ. ඉතිං ඒ නිසා තමයි මමත් තීරණය කළේ සීමාසහිතව මහන්සි වෙන්න. ලංකාවෙ නිසි කෙනා නිසි වෙලාවට අගය කිරීමක්‌ කෙරෙන්නේ නෑ. ඒ ගැන දුකයි. මට වුණත් දෙන්න ඕන නැති වෙලාවක දෙයි.

වැඩිපුර කැමැති ටෙලිනාට්‍යවලට ද චිත්‍රපටවලට ද?

ඇත්තටම මම කැමති වැඩිපුර චිත්‍රපටවලට යොමුවෙන්න. නමුත් පසුගිය කාලෙ වැඩිපුර ටෙලිනාට්‍යවලට ගිය නිසා හුගාක්‌ චිත්‍රපට මග ඇරුණා. නමුත් දැන් එහෙම නෑ. චිත්‍රපටවලට දායක වෙන්න මට දැන් කාලය තියෙනවා. හොඳ නිර්මාණ ලැබුණොත් දායක වෙනවා.

නිළියකට රූපය විතරක්‌ තිබුණට ඇද්ද?

අම්මෝ . . . කොහෙත්ම මදි. හරි මාර්ගයේ යනව නම් ප්‍රශ්නයක්‌ නෑ. හැම ක්‌ෂේත්‍රයකම හැකි විවිධ මාර්ග තියෙනවා. රංගන ක්‌ෂේත්‍රයේ විවිධ මාර්ග තියෙනවා. හරි පාරෙ යන කෙනකුට රූපය, හැකියාව සහ නුවන තියෙන්න ඕන. යන ගමන ගැන හදීයට දැනගෙන යන්න ඕන. මොනව ලැබුණත් අපිට අපේ ජීවිතය තියෙන්න ඕන. ජීවිතය විනාශවෙලා මොනවා ලැබුණත් වැඩක්‌ නැ.

ඔබට බලපෑම් එල්ලවෙලා නැද්ද?

අනේ නෑ. මම කෙලින් කතා කරන කෙනෙක්‌. මට එහෙම වුණා නම් මම එදාම ඒක මාධ්‍යයට කියනවා. තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ. යමෙක්‌ යම් බලපෑමක්‌ ආරාධනාවක්‌ කරනවා නම් අපි දැන ගන්න ඕන ඒකට නොයා ඉන්න. හැබැයි මම ක්‌ෂේත්‍රයට ආපු මුල් කාලේ, ඒ කියන්නේ මම කිසිම නිර්මාණයකට දායක වෙලා නොසිටිය කාලෙ එක්‌තරා අධ්‍යක්‍ෂවරයෙක්‌ ඔහුගේ නිර්මාණයට මාව තෝරා ගන්න තනියම එන්න කිව්වා. නමුත් මම ගියේ අම්මත් එක්‌ක. මම අම්මත් එක්‌ක ගිය නිසා මට ඒ චිත්‍රපටය ලැබුණෙ නෑ. වෙන රංගන ශිල්පිණියක්‌ අරගෙන ඒක කළා. නමුත් තවම ඒ චිත්‍රපටය තිරගත කළේ නෑ.

zත‍ඊZ එක ගැන මහේෂි මොකද හිතන්නේ?

ත‍ඊ එකේ කිසිම වරදක්‌ නෑ. ඒක පාවිච්චි කරන විදිහේ තමයි වරද තියෙන්නේ. මමත් හුග කාලයක්‌ ඉඳන් ත‍ඊ ඉන්නවා. හැබැයි මම කවදාවත් ත‍ඊ එකේ ආදරය කරන්න ගිහින් නෑ. ඒ නිසා මම කියන්නේ ත‍ඊ එකෙන් ආදරය කරන්න යන්න එපා.

අපේ සමහර නිළියෝ ත‍ඊ පාවිච්චි කරන විදිහ ගැන මහේෂි මොකද හිතන්නේ?

පේ්්‍රක්‌ෂකයන්ගේ ආදරය ලබන්න වාසනාව තියෙන්න ඕන. ඇඳුමක්‌ කොටට ඇන්දා කියලා ජනප්‍රිය වෙන්නේ බෑ. සමහරු හිතන් ඉන්නේ ඇග එළියෙ දාගෙන හිටියම ඔක්‌කොම හරි කියලා. සමහර අය නිසා මුළු ක්‍ෂේත්‍රයටම චෝදනා එල්ල වෙනවා. සමහර විට ටෙලි නාට්‍යවල නිකං හිටගෙන ඉඳපු අයටත් -ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය කියලා මාධ්‍යවලින් කියනවා. ඒ නිසා මාධ්‍යවලත් වගකීම තමයි හරියට හොයලා බලන එක. එවගේම රංගන ශිල්පිනියන් විශේෂයෙන්ම තමන්ගේ ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න ඕන.


Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Maheshi Madushanka, Maheshi Madushanka boyfriend, Maheshi Madushanka hot, Maheshi Madushanka sexy, Maheshi Madushanka photos, Maheshi Madushanka nude, Maheshi photoshoot, Maheshi photos, Hot Models,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲